මාර්ග තදබදය අඩු කිරීමට පියවර ගන්නවා

Print
Created on Tuesday, 05 April 2016

මෑතකදී “ද කැන්ඩි නිවුස්” පුවත්පත සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වු නව නගරාධිපති සේන දිසානායක මහජනතාවට බලවත් හිරිහැරයක් වී ඇති මාර්ග තදබදය විසඳීමට ප්‍රමුඛත්වයක් ලබා දෙන බව මෙසේ අවධාරණය කළේය.

මාර්ග පද්ධතිය ඉතාමත් ප්‍රමාණවත් නෑ. විකල්ප මාර්ග සකස් කළ යුතුයි. උමං මාර්ග සෑදිය යුතුයි. ඒ සඳහා අපි පියවර ගැනීමට කටයුතු වගේම ඔවුන්ට නීතිමය පියවර ගැනීමද කළ යුතුයි.

ප්‍රශ්නය- ඔබ නියෝජ්‍ය නගරාධිපති ලෙස කටයුතු කළ අවධියේ ලැබු අත්දැකීම් මොනවාද?

පිළිතුර- සම්පුර්ණ නිදහස ලැබුණා. කිසි දවසක ආතතියක් ඇතිවුණේ නෑ. නගර සභා ඉතිහාසයේ සමගියෙන් වැඩ කළ දෙදෙනෙක් නැහැ. මම හැම වේලාවේම හිටපු නගරාධිපති දැනුවත් කරමින් වැඩ කළා. ඒකට හේතුව ඔහුගේ පියා ජෙනරාල් රත්වත්තේ මහතාගේ පුද්ගලික ලේකම් ලෙස මා කටයුතු කළ නිසයි. ඒ නිසා සමීප අත්දැකීම් ඇතිව කටයුතු කළ ඔහුගේ පවුලේ ළගින් ඇසුරු කළ පුද්ගලයෙක් මා.

තීරණ ගැනීමේදී සම්පුර්ණ සහයක් ලැබුණා. විපක‍ෂයෙන්ද විශාල සහයක් ලැබුණා. මා නාගරික මන්ත්‍රී වරුන්ගෙ වරප්‍රසාද හා ගෞරවය රැක්කා. ඒ නිසා පක‍ෂයේ විශාල පිළිගැනීමක් ලැබුනා.

ප්‍රශ්නය- ලෝක උරුම නගරයක් ලෙස මහනුවර ගැන ඔබේ අදහස් මොනවාද?

පිළිතුර- මහනුවර පෞඩ වැදගත් ඉතිහාසයක් තියෙන නගරයක්. සංචාරක, පුරා විද්‍යාත්මක, ලෝක උරුම නගරයක් ශ්‍රී දළදා මාළිගාව හා පාවුලූ පල්ලිය, මීරක්කන් පල්ලිය, පුල්ලෙයාර් කෝවිල, අස්ගිරි මල්වතු විහාර ආදිය මෙහි තියෙනවා. ඒ නිසා පවතින සමගිය වැඩි දියුණු කරන ලෙස පවත්වාගෙන යා යුතුයි.

ගිරාගම වලව්ව සංරක‍ෂණය කළේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව හා නාගරික සංවර්ධන අධිකාරිය ව්‍යාපාරික ප්‍රජාවගේ සහභාගිත්වයෙන්. වැඩසටහන් රැසක් කළ හිටපු නගරාධිපතිවරුන් වන චන්ද්‍රා රණරාජා මහත්මිය, දුනුවිල මහතා ඇතුලූ නිලධාරීන් පිරිසගේ සහාය ගැන මේ මොහොතේ මතක් කළ යුතුයිග

ප්‍රශ්නය-මහනුවර නගරයේ අනවසර ඉදිකිරීම් සම්බන්දයෙන් ඔබ ගෙන ඇති පියවර මොනවාද?

පිළිතුර-මහනුවර නගරයේ අලංකාරයට බාදාවක් වනවානම් ඒවා ඉවත් කරනවා. වෙනත් පුද්ගලික ප්‍රශ්න මත කෙරෙන අනවසර කටයුතු ගැන අපි පියවර ගන්නේ නෑ. උසාවි නියෝග ඇති ඒවා ඉවත් කරනවා. වෙනස් කිරීම් කියලා සැලසුම් අනුමත කරලා ඉදිකිරීම් කිරීමට අවස්ථාව ලබා දෙනවා.

ප්‍රශ්නය-ලෝක බැංකු වැඩසටහන ගැන ඔබේ අදහස් මොනවාද?

පිළිතුර-රුපියල් බිලියන 13ක අරමුදල් මහනුවරට ලබා ගැනීමට හිටපු නගරාධිපතිතුමා විශාල වැඩ කොටසක් කළා. 2016 වසරේ සිට වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මධ්‍යම වෙළඳ පොළ, මැද ඇළ, පදික වේදිකා ආදිය සකස් කරනවා. මේ සඳහා විපක‍ෂයේත්, පළාත් සභාවේත්, මධ්‍යම ආණ්ඩුවේත් සහය ලැඛෙනවා.

ප්‍රශ්නය-මහනුවර ප්‍රදේශයේ පවතින අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමට ගෙන ඇති පියවර කුමක්ද?

පිළිතුර-ලංකාව තුළ නිසියාකාරව නිවෙස්තුලටම ගොස් කසළ කළමනාකරනය කරන්නේ මහනුවර මහ නගර සභාවයි. අපද්‍රව්‍ය සම්පත්පියස තුලට ගෙනවිත් වර්ගීකරණය කරනවා. වසම් 45ට පරිසර කමිටු 45ක් සකස් කරලා තියෙනවා. ඒවා දැනුවත් කර උපදෙස් දුන්නා. කම්පැක්ටර්ස් 13ක් දැම්මා. ත්‍රී රෝද රථ 09ක්, ටිපර් 02ක්, ට්‍රැක්ටර් 17ක් යොදවලා තිඛෙනවා.

ගොහාගොඩ ප්‍රතිචක්‍රීය කරනවා. ෑජද ඔදජය ආයතනය හා මහා මාර්ගයේ උපදෙස් මත මෙය සිදු කරනවා. පරිසර කමිටු සඳහා රුපියල් 50000 බැගින් වෙන් කළා. එක් මන්ත්‍රී කෙනෙකුට රුපියල් ලක‍ෂ 18 බැගින් ලබා දුන්නා. සංවර්ධන වැඩසටහන් වලට ග්‍රම සේවා වසමකට රුපියල් ලක‍ෂ පහ බැගින් වෙන් කිරීමට කටයුතු කළා.

මහයියාව පොදු සුසාන භූමි සංවර්ධනය කළා. හින්දු ආගමිකයන්ට වෙනම ස්ථානයක් සකස් කළා. අවසන් ගමන් යන තැන අලංකරණය කළා. ගෞරවාන්විත තැනක් කළා. ඒ සඳහා හිටපු නගරධිපතිවරුන් විශාල කැප කිරීමක් කළා.

ප්‍රශ්නය - පුස්තකාල සංවර්ධනය සඳහා මොන වගේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන්නේ?

පිළිතුර-ඩී.එස්.සේනානායක පුස්තකාලය සංවර්ධනයට කටයුතු කරගෙන යනවා. ගම් මට්ටමේ පුස්තකාල සංවර්ධනයට කටයුතු කරගෙන යනවා. ඉන්දියානු, ඇමරිකානු පියස ක්‍රියාත්මක වෙනවා.

ප්‍රශ්නය- අනවසර වෙළදාම් වලට ගන්න පියවර මොනවාද?

පිළිතුර- නව නාගරික වෙළඳ මධ්‍යස්ථානයට ගෙන ගියා. දුම්රිය පල පාර සකස් කළා.  ඒ නිසා මාර්ග තදබදය අඩු වුනා. හදිසි වැටලීම් දිගටම කරගෙන යනවා. අනවසර වෙළදාම් සිදු කිරීමට දෙන්නේ නෑ. මහජනයාට නුසුදුසු ආහාර වෙළදාම් කරන අයට විරුද්ධව නඩු දැමීමට කටයුතු කළා. හෝටල් වර්ගීකරණයකට කටයුතු කළා.

ප්‍රශ්නය-ඉදිරියේදී කොයි වගේ දේශපාලන තත්වයක් ඇතිවෙයි කියාද ඔබ හිතන්නේ?

පිළිතුර-අපට කිසිදු සැකයක් නෑ. බොහොම පැහැදිලිව කියන්න පුලූවන් ඊලග නගර සභා මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්න පුලූවන් බව. මහජනයා තුලට අපි ගිහින් ඉන්නේ. මහජනයා නගර සභාවට ගෙනත් ප්‍රශ්න විසඳනවා වෙනුවට අපි ගමට ගිහින් ප්‍රශ්න විසදා මහජනයා දැනුවත් කළා. මහජන අදහස් ක්‍රියාත්මක කළා. අපිට පැහැදිලි ජයග්‍රහණයක් ලැඛෙනවා කියලා විශ්වාසයි.

ප්‍රශ්නය - ඔබේ දේශපාලන ජීවිතය ගැන කෙටියෙන් පැහැදිලි කිරීමක් කළ හැකිද?
 
පිළිතුර-ඔව් මා 1948 දෙසැම්බර් 03දින මහනුවරදී උපත ලබා විද්‍යාර්ත විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. 1970දී සෙංකඩගල ආසනයට තරග කළ අනුරුද්ධ රත්වත්තේ මහතාගේ දේශපාලන කටයුතු සඳහා සහාය ලබා දෙමින් වටපුලූව ශ්‍රී ලංකා නිදහස් පක‍ෂ තරුණ සමිති ලේකම්වරයා ලෙස දේශපාලන කටයුතු ආරම්භ කළා.

දේශපාලනයට පෙර මහනුවර හෝටල් සමාගමේ සුවිස් හෝටලයේ ගිණුම් ලිපිකරුවෙකු ලෙස කටයුතු කළා.  අවසාන කාලයේ විධායක අධ්‍යක‍ෂවරයෙක ලෙසද පත් වුනා. 1983 වර්ෂයේදී වටපුලූව කොට්ඨාශයෙන් මහනුවර මහ නගර සභාවට තරග කර, වැඩි ඡන්ද 190කින් ජයගෙන නගර සභික ධුරයට තේරී පත් වුනා.

1983 සිට 2000 වර්ෂය දක්වා නාගරික මන්ත්‍රිවරයෙක් ලෙස කටයුතු කළා. 2001 වර්ෂයේ විපක‍ෂනායක ලෙසත් 2011 වර්ෂයේ නියෝජ්‍ය නගරාධිපත ලෙසත් පැවැත්වු අතර 2015 නොවැම්බර් 20 සිට වැඩබලන නගරාධිපතිවරයා ලෙසත් 2015 දෙසැම්බර් 16 දින නගරාධිපතිවරයා ලෙසත් පත්වුනා.

1995 සිට 2001 දක්වා කාලය තුළ වාරි මාර්ග, විදුලි බල, මහවැලි හා ආරක‍ෂක නියෝජ්‍ය අමාත්‍ය ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළා.

Sunday 26th of March 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.