පසුගිය මහ තරග පහෙන් හතරක්ම ධර්මරාජය දිනුවා

Print
Created on Friday, 17 March 2017

ධර්මරාජ ප්‍රධාන පුහුණුකරු සේනක දිසානායක

මේ මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම් පුහුණුකරු ලෙස කටයුතු කරන  11 වැනි අවුරුද්දයි.  කිංග්ස්වුඩ් විද්‍යාලය සමග පසු ගිය අවුරුදු පහේදි පැවැති  ප්‍රධාන තරග පහෙන් හතරක්ම අප ජයග්‍රහණය කළා. එකක් ජය පරාජයෙන් තොරයි කිංග්ස්වුඩ් විද්‍යාලය පළමු පෙළෙන් දෙවන පෙළට වැටුණු කණ්ඩායමක්.

කොළඹ ඩී.එස්. සේනානායක ශාන්ත බෙනඩික් විද්‍යාල සමග ක්‍රිකට් තරග ජයග්‍රහණය කිරීම මහනුවරදී බිග් මැච් එක දිනුවට වඩා සතුටක්.  ප්‍රථම වරට  හොද කණ්ඩායම් දෙකක් අපි ජයග්‍රහණය කළේ.

මම ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. 1984 වසරේ කණ්ඩායම් නායකත්වය දැරුවා. ඒ කාලයේ තිබු තත්වයට වඩා අද බොහෝ වෙනස් ක්‍රිකට්  ක්‍රීඩාව කොපමණ දියුණු වුවද පාසල් ළමයින්ගේ උනන්දුව කැපවීම අඩුයි. සමහර අවස්ථාවලදි පුහුණුවීම්වලට ළමයි 11 දෙනෙක් එකවර සොයා ගන්නට අමාරුයි 11 දෙනා එකතු කර ගන්නේ තරගය පැවැත්වෙන දිනයටයි.  දක‍ෂ ළමයි සිටිනවා 15 න් පහළ හොඳ කණ්ඩායමක් තිබෙනවා . නමුත් සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව ක්‍රීඩා කරන්නට එන්නේ නැහැ. විශේෂයෙන්  දෙමව්පියන් ක්‍රීඩාවට වඩා අධ්‍යාපනයට යොමු කරනවා. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව උසස් පෙළ විභාගය හා උසස් අධ්‍යාපන කටයුතු කෙරෙහි යොමු කිරීමෙන් ළමයින්ට ක්‍රීඩාව අත් හරින්නට වෙනවා. ඒ නිසා හොඳ කණ්ඩායමක් ලෙස පවත්වාගෙන යාමට අපහසුයි. ඇතැම් විට උප නායකයා පවා නොවන අවස්ථා තිඛෙනවා. කෙසේ නමුත් කළමනාකරණය කරමින් පුහුණු කිරීම් පවත්වනවා.

මේ තත්වය සෑම පාසලකටම බලපානවා.  වයස අවුරුදු 13 න් පහල  15න් පහල සෙල්ලම් කරන ළමයින් 19 න් පහල කණ්ඩායමට නැහැ. ධර්මරාජ විද්‍යාලයේ 15 න් පහල 19 න් පහල කණ්ඩායසම් පුහුණුුකරු නිසා මේ තත්වය අවබෝධ කරගෙන ඉන්නේ අවුරුදු 4කට 15 න් පහල ක්‍රීඩා කළ ළමයින් 44 දෙනෙක් කණ්ඩායමෙන් ඉවත්වෙලා. එසේ වු විට මහ තරගය සදහා  19 න් පහල හොඳ කණ්ඩායමක් සුදානම් කිරීමේ ගැටලු ඇතිවෙනවා. 19න් පහළ කණ්ඩායම සදහා නැවත අලුතෙන්ම ක්‍රීඩකයින් පුහුණු කිරීමට සිදුවෙනවා. පසු ගිය 2015 වසරේදි 13 න් පහල 15 න් පහල 19 න් පහල පුහුණුව ලැබු කඩුලු රකින ක්‍රීඩකයා මහ තරගයේදි ඉවත් වුණා. පාසලේ පුහුණු කළ  වෙනත් ක්‍රීඩකයෙක් සිටියේ නැහැ. අනුරාධපුර පාසලකින් මේ පාසලට උසස්පෙල සදහා පැමිණි ළමයෙක් කඩුලු රකින ක්‍රීඩකයා ලෙස යොදා ගන්නට සිදුවුණා. ඒ ශිෂ්‍යයා එම පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයා ලෙස පුහුණුව ලබා සිටියා. මේ වසරේදීත්  ඒ තත්වයමයි. 13න් පහල හො 15න් පහල  කඩුලු රකින ක්‍රීඩකයෙක්  ලෙස පුහුණුුවක් නොලැබු ක්‍රීඩකයෙකු 19න් පහල කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයා ලෙස යොදා ගෙන සිටිනවා. 

මෙි   තත්වය ඇතිවීමට  කරුණු කිපයක් බලපානවා.  සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව උසස් පෙළ විභාගය සාර්ථක කර ගැනීමත් කිසියම් ඉලක්කයක් කෙරෙහි දරුවන් යොමුකිරීමට දෙමව්පියන් කටයුතු කිරීමත් නිසා මේ තත්වය ඇතිවෙන්නේ. ඇතැම් විට ළමයින්ගේ කැමැත්තක් තිබුණත් දෙමව්පියන්ගෙන් ඊට ඉඩක් ලැඛෙන්නේ නැහැ. අනෙක්  කාරණය පාසල් කණ්ඩායම්වලට සෙල්ලම් කරන හැමෝටම ජාතික කණ්ඩායමට යන්නට සුදුසුකම් නැහැ. එය සාමාන්‍ය දෙයක්  ඊළග  කාරණය මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ට ක්‍රීඩා කිරීමට ක්‍රීඩා  සමාජ නොමැති වීමයි. ඒ නිසා පාසල් කණ්ඩායමට ක්‍රීඩා කිරීමෙන් පසුව ක්‍රීඩා කිරීමෙන් ඉදිරියට යන්නට ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා දරුවන් කොපමණ ඇල්මක් කැමැත්තක් උනන්දුවක් දැක්වුවත් දෙමව්පියන් උසස් අධ්‍යාපනයක් සදහා යොමු කරනවා. අපි සෙල්ලම් කරන කාලේදි ක්‍රීඩා සමාජ තිබුණා. දැන් එම බොහෝ සමාජ වසා දමලා ක්‍රියාකාරී  නැහැ.  ලංකාවේ ක්‍රීඩා සමාජ 18 ක් තිබුණා. මහනුවර කැන්ඩි සිටි ක්‍රීඩා සමාජය පළමු පෙළ කණ්ඩායමක්.   පාසල් සමයේදී  මමත් එහි නායකත්වය දැරුවා. මේ වනවිට ක්‍රීඩා සමාජය පහලට වැටිලා.  ක්‍රීඩා සමාජය යළිත් ඉහළට ගෙන ඒම සදහා මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා සමග සාකච්ඡා කොට එතුමාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කොට වැඩපිළිවෙළක් ආරම්භ කළා. අපේ අරමුණ  පාසල් කාලයෙන් පසුව මේ දරුවන්ට සෙල්ලම් කරන්නට තැනක් සකස් කරදීමයි. මහනුවර ක්‍රීඩා සමාජ තිබෙනේ  4 වැනි ස්ථානයේ. කුමන හේතුවක් නිසා හෝ ඒ තත්වයට පත්වෙලා. අපේ පාසල් කාලයෙන් පසුව ක්‍රීඩා සමාජ ඉතා ප්‍රබල තත්වයක තිබුණා. එම කණ්ඩායම් නායකත්වය දැරීමට මටද අවස්ථාවක් ලැබුණා. වසර 7 ක් පමණ කාලයක් ඔස්ට්‍රේලියාවේදී වු අදහසකට අනුව නැවත ක්‍රීඩා සමාජ දියුණු කිරීමට අදහසක් ආවා. ඒ අනුව මධ්‍යම පළාත් මහ අමාත්‍යවරයා සමග සාකච්ඡා කොට දියුණු කිරීමට කටයුතු කරනවා.  අපි දැන් සිටින්නේ පියවර 4 ක් පමණ පහළ මට්ටමක. යළිත් මුල් තත්වයට ගන්නට ක්‍රමයෙන් සකස් කරන්නට ඕන.  පාසල් ක්‍රිකට් කණ්ඩායම්වලට සෙල්ලම්  කළාට පසුව ඔවුන්ට යන්නට තැනක් සුදානම් කිරීම අවශ්‍යයි.

අද හැම ළමයෙක්ම කැමැත්තක් දක්වන්නේ ක්‍රිකට්වලටයි. පන්දු යැවීම පන්දුවට පහරදීම ගැන  තාක‍ෂණය තිඛෙනවා.  උපකරණ තිබෙනවා . නමුත් ක්‍රිකට් ක්‍රීඩාව නම් ඉහලට ඇවිත් නැහැ. හේතුව අපි කුඩා කාලයේදී ක්‍රිකට් සෙල්ලම් කළේ පාසලේ නොවෙයි. ගමේ පිට්ටනියේ. හෝඩියේ පන්තියේ සිටම ගමේ පිට්ටනියේ සෙල්ලම් කරනවා. 6 පන්තියේදි ක්‍රිකට් පුහුණුවට එනවිට තාක‍ෂණික මට්ටමින් නොවුනත් යම්කිසි මට්ටමකට ක්‍රිකට් වලට යොමුවෙලා තිබෙන්නේ.  අපි ක්‍රිකට් සෙල්ලම් කරන අවදියේදි ලංකාවේ ටෙස්ට් තත්වයක් තිබුණේ නැහැ. තාක‍ෂණය තිබුණෙත් නැහැ. දැන් තරම් පහසුකම් තිබුණෙත් නැහැ.  එසේ වුවාට සුපිරි කණ්ඩායමක් අපට සිටියා. අද දෙමව්පියන් ගමේ පිට්ටනියට දරුවන් යවන්නේ නැහැ. යොමු කරන්නේ කොම්පියුටරය ඉගෙන ගන්නටයි. 6 පන්තියෙන් පස්සේ ක්‍රිකට් පුහුණුවීම් කළාට ගමේ පිට්ටනියෙන් ලබන පුහුණුව ලබන්නට බැහැ. ගමේ පිට්ටනියෙන් ලබන ආභාෂය ලැඛෙන්නේ නැහැ. 

ක්‍රිකට් තරගයක් පැවැත්වෙන දිනයක 15 න් පහල  සෑම ක්‍රීඩකයෙකුගේම දෙමව්පියන් පිට්ටනිය වටේ බලාගෙන ඉන්නවා. ක්‍රීඩකයින් 11 දෙනාට දෙමව්පියන් 22 යි තවත් අතිරේක ක්‍රීඩකයින් 4 දෙනාගේ මව්පියන්ගෙන් පිට්ටනිය වට පිරෙනවා.  ඈත පළාත්වල පැවැත්වෙන සෑම ක්‍රීඩා තරගයකටම මේ දෙමව්පියන් යනවා. එහෙත් 15න් පහල ක්‍රීඩා කිරීමෙන් පසුව ක්‍රිකට් අතහරිනවා. අපි ක්‍රීඩා කරන අවධියේදි මෙම කන්ද නැග ගෙන පාසලට එන්නේ. එහෙම පාසල දෙස බලාගෙන කන්ද දුවගෙන එනවිට දැනෙන්නේ මහ පුදුුම ආත්ම ශක්තියක්. අද වාහනෙන් දරුවන් පාසලේ ගේට්ටුව ළගට බස්සවනවා. අපි පාසල් යන අවධියේදි උදේ 7.30 ට පාසල් ආරම්භ කිරීමට පෙර උදේ 6 සිට පිට්ටනියේ විවිධ සෙල්ලම් කරනවා. පාපන්දු, රගර් බැඩ්මින්ටන් ආදි ලෙස විවිධ කණ්ඩායමිවලින් පිටිටනිය පිරෙනවා. අද එක එක ක්‍රීඩා එක් එක් ස්ථානවල. සවස පාසල් කාලයෙන් පස්සෙත් පිට්ටනියේ සෙල්ලම් කරනවා. දැන් එහෙම දකින්නට නැහැ. පාසල් ආරම්භ කරන්නට ආසන්න වනවිට වාහනෙන් ගේට්ටුව ලගට බස්සනවා. සවස පාසලේ ගේට්ටුව ලගින් අරගෙන ටියුෂන් පන්තියට දානවා. ඉතින් කොහොමද ළමයින්ට ආත්ම ශක්තියක් ගොඩ නැගෙන්නේ. දෙමව්පියන් තල්ලු කරන දිසාවට යනවා. ක්‍රිකට් පුහුණුවීම් සිදු කෙරෙන පාසල් කාල වේලාවේදි එවැනි දරුවන්ට මානසික ශක්තියත් ආත්ම විශ්වාසය ඇතුලූ පරිපුර්ණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගොඩ නැගිම අභියෝගයක්.

19 න් පහල කණ්ඩායමට වයස් සීමාවක් පැනවෙන්නේ නැහැ. 19 න් ඉහල නොවන  13 න් පහල 15 න් පහල 19න් පහල හොඳ ක්‍රීඩකයින්ට සහභාගි වෙන්නට පුලුවන් ජාතික කණ්ඩායමට එක් කිරීමේ අදහසින්ම තමන්ගේ දරුවන් යොමු කරන  දෙමව්පියන් සිටිනවා. නමුත් 15 න් පහල ක්‍රීඩා කළාට පසුව ඒ අදහස් වෙනස් වෙනවා. ජාතික කණ්ඩායමට එක් කරන අදහසින්ම සිටිනවා නම් හොඳයි. නමුත් එලෙස වෙන්නේ නැහැ. මේ පාසලේ 4500 ක් පමණ සිටියත් හොඳ කණ්ඩායමක් ගොඩ නගන්නට හැකියාවක් නැහැ. බොහෝ පාසල්වල මේ තත්වය තිඛෙන්නේ පාසල්වලින් දක‍ෂයින් බිහි නොවීම  ඉදිරියේදි ජාතික කණ්ඩායමටත් බලපානවා. 

දැනටත්  ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන ක්‍රීඩකයින් වැඩි පිරිසක් ගමෙන් පැමිණි අයයි. කොළඹ පාසල්වලින් මුල් කාලයේදි පැමිණියාට දැන් අඩු වෙලා. ඉදිරි කාලයේදි කණ්ඩායමක් සකස් කිරීමේදී ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවෙයි.  අපේ ඉලක්කය ජාතික කණ්ඩායමට සුදුසුු ක්‍රීඩකයින් බිහි කිරීමයි. 13 න් පහල සිට හැකියාවන් දක්වන එවැනි අය නිර්මාණය කරමින් ගොඩ නැගෙන විට 15 න් පහල කී්‍රඩා කරනවා. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව ඒ අය ක්‍රිකට්වලින් ඉවත් වෙනවා. ඒ නිසා ජාතික කණ්ඩායම දක්වා නොව  පාසල සඳහා දක‍ෂ කණ්ඩායමක් බිහි කිරීමත් අපහසුයි.

 

වාර්තා කළේ චන්ද්‍රානි කුමාරි මාරසිංහ

Wednesday 28th of June 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.