මගේ අරමුණ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමක් බිහිකර ජාතික කණ්ඩායමට සුදුසු ක්‍රීඩකයන් ඇති කිරීමයි

Print
Created on Saturday, 18 March 2017

කිංස්වුඩ් පුහුණුකරු ඉන්දික ප්‍රනාන්දු  

2015 වසරේ අවසන් මහා ක්‍රිකට් තරගය ධර්මරාජ විද්‍යාලය සමග එක් දින තරගය ජයග්‍රහණය කළා. ටෙස්ට් තරගයත් ඉතා හොදින් තරග වැදුණා. තරගය ජය පැරදුමෙන් තොර වුවද පළමු ඉණිමේ ජය අපි දිනා ගත්තා.

 පාසලේ දක‍ෂ ළමයින් සිටිනවා. අවශ්‍ය මුල ධර්ම නැති නිසා ළමයින්  ඉදිරියට පැමිණීම වැළකි තිඛෙනවා. මේ පාසලට පැමිණ වසර දෙකයි. දිගින් දිගටම ක්‍රිකට් තරගවලදි දස්කම් අඩුවීමක් තිඛෙන නිසා පාසලෙන් කළ ඉල්ලීමකට අනුව මේ පාසලට පැමිණියේ දැන්. කණ්ඩායමේ ලකුණු රැස් කරන ක්‍රීඩකයින් සිටිනවා. කඩුලු 56 ක් ලබා ගත් ක්‍රීඩකයින් සිටිනවා. අපේ ඉලක්කය පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමක් වීම හා ජාතික කණ්ඩායමට අවශ්‍ය දක‍ෂ ක්‍රීඩකයින් පුහුණු කිරීම. දැනට අපේ පාසල දෙවන කාණ්ඩයේ සෙල්ලම් කරන්නේ. ඒ නිසා පළමු කණ්ඩායමක් වීම පළමු අරමුණයි. 

1958 අවුරුද්දෙන් පසුව කිංස්වුඩ් විද්‍යාලයට අවසන් මහ තරගයක් ජග්‍රහණය කිරීමට හැකිවී නැහැ. 

 අවසන් ක්‍රිකට් තරගය ජයග්‍රහණය කිරීමත් ජාතික කණ්ඩායමට ක්‍රීඩකයින් බිහි කිරීමත් හොද ක්‍රිකට් ක්‍රීඩකයින්  පුහුණු කිරීමත් ඉලක්කයයි.

 පාසලේ දක‍ෂ ක්‍රීඩකයින් සිටිනවා. නමුත් ඒ අයට ක්‍රිකට් ක්‍රීඩාවක් ලෙස අවශ්‍ය මුල ධර්ම දැනුම පුහුණුව අභියෝග පෞරුෂය හා භෞතික සම්පත් ආදියෙහි අඩුපාඩුවක් තිබුණා. මුලික වශයෙන් තිබුණු ඒ කාරනා අවබෝAධ කර ගනමින් ක්‍රමයෙන් නිවැරදිව සකස් කර ගන්නට හැකිවුණා. එහි සාර්ථක ප්‍රතිඵලයක් ලෙස පසු ගිය වසරේ එක් දින ජය හා මහතරගයේ පළමු ඉනිමෙහි ජය ලබන්නට හැකිවුණා. එය මා හදුනාගත් කාරණාවල නිවැරදි බව තහවුරු වීමක් හා මගේ උත්සාහයේ සාර්ථක ප්‍රතිඵලයක් වීම නිසා සතුටු වෙන්නට පුලුවන්. පසුගිය ජයග්‍රහණයත් සමග පාසලේ ළමයින් ක්‍රිකට් සෙල්ලම් කරීමට වැඩි නැඹුරුවීමක් දක්නට තිඛෙනවා. ගුරුවරුන්ගේ ප්‍රසාදයක් තිඛෙනවා.

 ආදි ශිෂ්‍ය සංගමයේ වැඩි උනන්දුවක් තිඛෙනවා. ඒ අය විශාල සහයෝගයක් ලබා දෙනවා. පාසලේ ක්‍රීඩකයින්ගේ දක‍ෂතා සමග අනෙකුත් පාසල්වලට  අභියෝගයක් වී තිඛෙනවා.

පළමු පෙළට ඇතුළත්වීමට විශාල වැඩ කොටසක් කරන්නට අවශ්‍යව තිඛෙනවා. ක්‍රීඩකයින් හොඳ ලකුණු මට්ටමකට එන්නට අවශ්‍යයි. ක්‍රීඩකයින්ගේ කැපවීම අවශ්‍යයි. මුලධර්ම මෙන්ම තාක‍ෂණයද අවශ්‍යයි. මෙම පාසල මීට වසර හයකට පමණ පෙර තිබු එම පළමු පෙළ තත්වය ලබා ගැනීම දෙවන පෙළට වැටීම තරම් පහසු නැහැ. ක්‍රිකට් තරගාවලියේ තරග 7 ක් තිඛෙනවා. ඒවායින් පළමු ස්ථානයට එන්නට ඕනෑ. එසේ එන්නට හැකි වුවහොත් පළමු පෙළ කණ්ඩායමට ඇතුළත් වෙන්නට පුලුවන්. එය ඉතා විශාල අභියෝගයක්. ක්‍රීඩකයින් හොදින් සෙල්ලම් කරන්නට ඕන.  හොදින් ලකුණු රැස් කරන්නට අවශ්‍යයි. ක්‍රීඩා පිටියේදි දස්කම් දැක්වීම අවශ්‍යයි. තුන් ඉරියව්වලින්ම ඉදිරියෙන් සිටීම අවශ්‍යයි. ඒ සදහා ක්‍රීඩකයින්ගේ කැපවීම අවශ්‍යයි.  ඒ අභියෝගය ජයග්‍රහණය කිරීමේ ඉලක්කයට අපි සුදානම් වෙනවා. තරගයට සහභාගි වෙන්නේ ක්‍රීඩකයින්  දැනට සමබර කණ්ඩායමක් පුහුණු කොට තිඛෙනවා. මේ වනවිට තරග කළ කණ්ඩායම් සමග අපි ඉදිරියෙන් සිටනවා. මේ කණ්ඩායම හොදින් සෙල්ලම් කරයි කියන විශ්වාසය තිඛෙනවා.
 

 

Wednesday 28th of June 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.