බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය සංස්කෘතික හා සංචාරක මධ්‍යස්ථානයක් බවට පත්කරනවා

Print

අගමැති රනිල් වික්‍රමසිංහ

 
මෙරට ප්‍රධාන සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට මහනුවර පත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඵෙතිහාසික බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය සංවර්ධනය කරමින් එහි සංස්කෘතික හා සංචාරක මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
 
මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනමගේ අවවාද හා අනුශාසනා ගරු කරමින් උන් ව්හන්සේලාගේ පුර්ණ අනුමැතිය ලබා ගනිමින් මෙම වැඩපිළිවෙළ දියත් කරන බව මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේ නීරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අගමැතිවරයා පසුගිය ජනවාරි 18 වැනිදා මහනුවර පැවති මාධ්‍ය හමුවේදි  මේ බව කීවේය.
 
බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය අදියර තුනක් යටතේ සංවර්ධනය කිරීමට සැළසුමි කොට ඇති අතර ජනතාවට විවේකීව ගත කිරීමට සුදුසු උද්‍යානයක් ලෙස  රුපියල් ලක්ෂ 4000 ක වියදමින් පළමු අදියර ක්‍රියාත්මක කිරීමට නියමිතය. නාගරික සංවර්ධන අධිකාරිය ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කර තිඛෙන අතර සෙසු අදියර ජපන් රජයේ සහය මත ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත.
 
අගමැතිවරයා ෙඵෙතිහාසික බෝගම්බර බන්ධනාගර ගොඩනැගිල්ලේ ස්ථාපිතව තිබු පෝරකය, සිරමැදිරිය ඇතුලූ ස්ථාන රැසක් දැක බලා ගැනීමෙන් පසු ව්‍යාපෘති සැලැස්මද අධ්‍යනය කරනු ලැබීය.
 
මහනුවර නගරය ගන්නෝරුව සිට දිගන දක්වා දියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය ඇතුලුව සියලු සංවර්ධන ව්‍යාපෘති එකිනෙකට බද්ධ වනසේ සැළසුම් කර තිඛෙන බවත් අගමැතිවරයා මෙහිදි කීය.
 
උඩරට පාරම්පරික කළා නිර්මාණ ඉස්මතු කර දැක්වෙන කලාගාර, ආපනශාලා, හෝටල් කාමර ඇතුලූ අංග රැසක් සදහා මෙම භූමියේ ඉඩකඩ වෙන් කෙරෙන බවත් මෙමගින් සෘජුව හා වක්‍රව රැකියා අවස්ථා රැසක් බිහිවනු ඇති බවත් අග්‍රාමාත්‍යවරයා  ප්‍රකාශ කළේය. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමත් සමග මෙම සංවර්ධන ව්‍යාපෘතිද ඒකාබද්ධ වීමෙන් මහනුවර සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්වන බවත් මහනුවරට පැමිණෙන සංචාරකයින් දින කිහිපයක් නගරයේ රදවා තබා ගැනීම මගින් නගරයට තවත් ප්‍රතිලාභ රැසක් අත්වනු ඇති බවත් ඒ මහතා පැවසුවේය.
  මෙම ව්‍යාපෘති සදහා මුල්‍යාධාර මෙන්ම තාක්‍ෂණික ආධාරද වැදගත් බවත් මෙහි මූලික සැලසුම් ජපානය මගින් සිදුකරන බවත් කී ඒ මහතා මහනුවර ගෘහ නිර්මාණ සැලසුම් ගරු කරමින් අදාළ ව්‍යාපෘති දියත් කරන බවද අවධාරණය කළේය.
      මෙම අවස්ථාවට සංවර්ධන උපාය මාර්ගික හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල, අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමති අකිල විරාජ් කාරියවසම්, නාගරික පුණර්ජීව ව්‍යාපෘති උපදේශක තුෂාර ස්වර්ණතිලක යන මහත්වරු ඇතුලූ රාජ්‍ය නිලධාරීහු පිරිසක්  සහභාගි වූහ.
 
Monday 23rd of April 2018. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.