පොලිස්පති ඡන්ද කටයුතුවල නිරත වෙනවායි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චෝදනා කරයි.

Print
පොලිස්පති පුජිත ජයසුන්දර මහතා රජයට පක්ෂව ඡන්ද කටයුතුවලට අතපොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේ චෝදනා කෙළේය. ඒ මහතා මෙසේ පැවසුවේ ජනවාරි 21 වන ඉරිදා මහනුවර මහයියාවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණ රුස්වීමක් අමතමිණි.  වව්නියාවේදී පැවති පොලිස් නිලධාරීන් සදහා වූ රුස්වීමක් අමතමින් .යහපාලන ආණ්ඩුව හොඳයි නේද කියමින් පොලිස්පතිවරයා කතා කළ බවත් ඔහු සමග කොළඹින් ගිය පොලිස් ගෝලයන් දෙදෙනෙකු අසල සිට .එහෙමයි සර් යනුවෙන් එය අනුමත කළ බවත්  හිටපු ජනාධිපතිවරයා කීවේය. ජනාධිපතිවරයාටත් පාලනය කළ නොහැකි පොලිස්පතිවරයෙක් අද යහපාලන ආණ්ඩුව දිනවීමට කටයුතු කරනවා. වව්නියාවේදි කොළඹින් ගිය නිලධාරීන් පොලිස්පතිවරයාගේ කතාව අනුමත කර තිබුණත් වවුනියාවේ පොලිස් නිලධාරීන් එය අනුමත කර නැහැ. ඒ අය කවුරුවත් කට ඇරලා නැහැ.
 
තැපැල් ඡන්දයේදී ආණ්ඩුවට ඡන්දය දෙන්න කියා කෙළින්ම නොකියන  පොලිස්පතිවරයා යහපාලන ආණ්ඩුව හොද යැයි වක්‍රාකාරව කියමින් ඊට ඡන්දය ලබා දිය යුතු බව අවධාරණය කරනවා. එලෙස කතා කිරීමට පොලිස්පතිට කිසිම අයිතියක් නැහැ. එය ඡන්ද නීතියට විරුද්ධයි. මේ පිළිබඳව අප පැමිණිලි කිරීමට කටයුතු= කරනවා. 
   
ආර්ථීක ගැටලූ නිසා වේලක් කාලා අද මිනිසුන් ඉන්නේ බඩගින්නේ. හාල් කිලෝවක් රුපියක් එකසිය විස්සයි. පොල් ගෙඩියක් සියයයි. ව්‍යාපාර අවස්ථා බිද වැටිලා. වෙළඳාමක් තිඛෙන්නේ රත්තරං භාණ්ඩ උකස් කරන ආයතනවලට විතරයි. එහෙව් එකේ මේ ආණ්ඩුව බොරු පොරොන්දු දෙනවා. වැඩි දෙනෙක් ඊට හසුවෙනවා. 2015 ජනවාරි 08 වන දිනත් සිදුවුණේ ඒ දේ තමයි.
ජනතාව ගැටලුවලට මැදිවී සිටියදී ආණ්ඩුවේ ප්‍රධානීන් බාල් රංගනයේ යෙදෙන බව ද හිටපු ජනපති මහින්ද රාජපක‍ෂ මහතා වැඩිදුටත් පැවසීය.
 
පාර්ලිමේන්තු මන්තී්‍රවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල ලොහාන් රත්වත්ත,  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් සහ මහනුවර හිටපු පුරපති මහේන්ද්‍ර රත්වත්ත යන මහත්වරුන් ඇතුලූ මහජන නියෝජිතයන්ද පාක‍ෂිකයන් විශාල පිරිසක්ද මේ අවස්ථාවට එක්විය.
Friday 22nd of June 2018. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.